දෙමළ සන්ධානය රටට එරෙහිව මෝදිට ගතු කියන්න සූදානම්! එක්දින සංචාරයේදී මුණගැසෙන්න දැනට වෙලාව වෙන් කරගෙන!

June 7, 2019 at 4:53 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට මුහුණ දීමට ඇති ගැටලු, පාස්කු ත්‍රස්ත ප්‍රහාරය, දෙමළ සිරකරුවන් නිදහස් කර ගැනීම, ජාතික ගැටලුවට දේශපාලන විසඳුම් ගෙන ඒම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සදහන් කරයි.

ඉන්දීය මහ මැතිවරණයෙන් දෙවන වරටත් අග්‍රාමාත්‍ය ධූරයට පත් නරේන්ද්‍ර මෝදි මහතා ඉරිදා (9) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර මෙදින පස්වරුවේ ඉන්දීය තානාපති කාර්යාලයදී දෙමළ ජාතික සන්ධාන හමුවීමටද නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස