දැන් සිංහල බෞද්ධයෝ මහනුවරට එකතු වෙන්න ඕන! එහෙම නැත්නම් මේ රටට ආදරේ ජාතියක් කියලා කියන්න බෑ! – මඩකලපුවේ හාමුදුරුවෝ

June 3, 2019 at 9:37 am | by admin

මුස්ලිම් අන්තවාදීන් තිදෙනෙකු තනතුරුවලින් පහ කිරීම උදෙසා අතුරලියේ රතන හිමි ආරම්භ කර ඇති උපවාසයට සහයෝගය දැක්වීම සඳහා සියලු සිංහල බෞද්ධ මහනුවර දළදා මාළිගාව අබියසට වහාම පැමිණිය යුතු බව මඩකලපුවේ මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි පවසයි.

ඊයේ රාත්‍රී මහනුවර දළදා මාළිගාව අබියස රතන හිමියන් නිරත වන උපවාසයට සහයෝගය දැක්වීම සඳහා වැඩම කළ අවස්ථාවේ එහිමියන් මේ අදහස් දැක්වීම සිදු කළේය.

මෙය සමස්ත රටේ ජාතියේ මෙන්ම සම්බුද්ධ ශාසනයේ අවශ්‍යතාවක් බව පෙන්වා දුන් එහිමියන් එය රතන හිමියන්ගේ පෞද්ගලික සටනක් නොවන බවත් සියලු භික්ෂූන් වහන්සේලා ද බෞද්ධ දායකයන් ද එය අවබෝධ කරගෙන මෙම සටනට සහයෝගය ලබා දීමට මහනුවරට පැමිණිය යුතු යැයි ප්‍රකාශ කළේය.

ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් මරණාධාර සමිතිය සමෘද්ධි සමිතිය ඇතුළු සියලු දෙනා එකතු වී සාකච්ඡා කර මුළු මහනුවරම අස්සක් මුල්ලක් නෑර බෞද්ධ ජනතාව වැටලිය යුතු බවත් මුස්ලිම් අන්තවාදයට එරෙහි සටනට බෞද්ධ කතෝලික හින්දු මුස්ලිම් සියලු දෙනා ඒකරාශී විය යුතු බවත් උන් වහන්සේ අවධාරණය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස