ද්විත්ව පුරවැසියෝ කියන්නේ රටට ආදරේ මිනිස්සු! 19න් ඔවුන් දෙවන පන්තියේ පුරවැසියන් කිරීමට මම විරුද්ධයි! – ප්‍රේමනාත් සී. දොළවත්ත

October 20, 2020 at 9:05 am | by emanisa.lk

ද්විත්ව පුරවැසියෙකු යනු උපතින් ම මෙරට පුරවැසිභාවය හිමි වූ අයෙකු නොව නැවත පුරවැසිභාවය ඉල්ලුම් කර ලබා ගත් අයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසයි.

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලැබූ සෑම අයෙකුට ම වෙනත් රටක පුරවැසිභාවය හිමි බව 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවයි යන ශීර්ෂය යටතේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත යවන ලද ලිපිය මගින් පෙන්වා දෙයි.

යමෙක් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නැවත ඉල්ලුම් කර ලබා ගන්නේ රටට ඇති ආදරය නිසා බව ඔහු අවධාරණය කරයි.

එම පුරවැසියන් කිසි ම අවස්ථාවක මෙරට දෙවන පන්තියේ පුරවැසියන් ලෙස නො සැලකූ බවත් 19 වෙනි සංශෝධනය මගින් එවැනි තත්ත්වයක් ප්‍රථම වරට නිර්මාණය වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

එසේ ම එක් පුද්ගලයෙකු ඉලක්ක කරගෙන 19 වෙනි සංශෝධනය මගින් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගෙන ආ 91 වෙනි වගන්තිය තමා සම්පූර්ණයෙන් හෙළා දකින බව ද ප්‍රේමනාත් සී. දොළවත්ත පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස