ණය අරගෙන හෝ ණය ගෙවන්න පුළුවන් තැනට අපි රට දියුණු කළා! – අගමැති

August 25, 2019 at 8:18 pm | by emanisa.lk

රට ගොඩනැංවිය හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කොට එම සන්ධානයෙන් ජනාධිපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරමින් දේශයේ නව දේශපාලන පෙරළියක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

2015 වසරේ තමන් රට භාරගන්නා විට රටේ මුදල් නොතිබුණු බවත් අමාරුවෙන් මුදල් සොයාගෙන තමන් රට සංවර්ධනය කළ බවත් අගමැතිවරයා පැවසීය.

ආණ්ඩුව වැට් බදු පනවන විට සමහරු දෝෂාරෝපණය කළත් එම මුදලින් රට සංවර්ධනය කළ බව පෙන්වා දුන් අගමැතිවරයා ණය ලබා ගෙන හෝ ණය ගෙවිය හැකි තැන දක්වා තමන් රට ගෙන ආ බව ද ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (24) දින අංකුඹුර මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹිමෙන් හා අංකුඹුර නව බස් තැවතුම්පොළ විවෘත කිරිමෙන් පසු පැවති ජනහමුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස