ජිනීවා යෝජනා නියමයි! රටට කිසිම හානියක් නෑ! – අජිත් පී.

February 23, 2020 at 11:47 am | by emanisa.lk

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව සම අනුග්‍රාහකත්වය දැක්වූ ජීනිවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවෙන් රටට කිසිදු අගතියක් සිදුව නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ ජිනීවා යෝජනාවේ වගන්ති දෙකකින් ඉවත් නොවී සම්පූර්ණයෙන්ම ඉවත් වීමට හැකි බවය.

නමුත් දැන් සිදු කරන්නේ ජනතාව රැවැට්ටීමක් බවටද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

එමෙන්ම එම යෝජනාවලින් රටට කිසිදු අගතියක් නොමැති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස