ජලය සපිරි ලංකාවේ ශ්‍රීලංකන් අරාබි කාන්තාරයෙන් වතුර මිලදී ගනී!

December 22, 2019 at 9:29 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් එහි ගමන් ගන්නා මගීන්ට ලබා දෙන ජලය ලබා ගන්නේ අරාබි රටකින් බව හෙළි වී තිබේ.

ලංකාව මධ්‍යම කඳුකරය ආශ්‍රිත සශ්‍රීක ජල පෝෂක ප්‍රදේශයක් ද ඒ ආශ්‍රිත ලොකු කුඩා ගංගා 101ක් ද තවත් ඇළ දොළ වැව් පොකුණ ද සහිත රටක් වන අතර අරාබිය ජලය හිඟ කලාපයකි.

කෙසේ වුවද පසුගිය ආණ්ඩු සමයේ සිට ශ්‍රීලංකන් ගුවන් සමාගමට ජලය සැපයීම විදෙස් සමාගමකට ලබා දී තිබේ. ආණ්ඩුව මාරු වුවද එය තවමත් දේශීය සමාගමකට ලබා නොදී එලෙසම ක්‍රියාත්මක වෙයි.

දේශීයත්වය ස්වදේශීය කර්මාන්ත නඟා සිටුවීම නැඹුරු ජනාධිපතිවරයකු පත්ව ඇති පසුබිමක පවා මෙම තත්ත්වය තවමත් ක්‍රියාත්මක වීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට අනර්ඝ තත්ත්වයේ ජලය ලබා දිය හැකි දේශීය ව්‍යාපාරිකයකු සොයා ගැනීම කිසිසේත් අපහසු කරුණක් නොවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස