ජනාධිපතිකම ඉල්ලා රට පුරා ගිය සජිත්ගෙන් පක්ෂ නායකත්වය ඉල්ලා රට පුරා රැස්වීම් මාලාවක්!

December 13, 2019 at 5:23 pm | by emanisa.lk

පක්ෂ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙස ඉල්ලා රැස්වීම් මාලාවක් දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය තීරණය කර ඇත.

එම රැස්වීම් මාලාව ආසන මට්ටමින් ආරම්භ කිරීමට නියමිත අතර ලබන අඟහරුවාදා කොළොන්නාව ආසනයෙන් එය ඇරඹෙනු ඇත. මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය නගා සිටුවීමට නම් සජිත් ප්‍රේමදාසට නායකත්වය ලබාදිය යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.

රැස්වීම් මාලාව ඉන්පසු කෝට්ටේ සහ මොරටුව යන ප්‍රදේශවල පැවැත්වීමට නියමිතය. අනුරාධපුරය, පොළොන්නරුව, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලද රැස්වීම් පැවැත්වීමට දැනටමත් සැලසුම් කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දෙසැම්බර් 20 වෙනි දිනට පෙර කැඳවන ලෙස ඉල්ලා සජිත් පාර්ශ්වය පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස