ජනපති ගෝඨා තවත් ඓතිහාසික තීන්දුවක් ගනී! ජිනීවා යෝජනාව කැබලි කර සමඅනුග්‍රහයත් ඉවත් කරයි!

January 9, 2020 at 11:08 am | by emanisa.lk

ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවේ ඉල්ලීම් තුනක් ගෝඨාභය රාජපක්‍ෂ රජය ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

ඒ ප‍්‍රතිත‍්‍රස්ත පනත අහෝසි කිරීම, අතුරුදන්වූවන්ගේ පනත යළි නිරීක්‍ෂණය කර එය අවලංගු කිරීමට පියවර ගැනීම සහ ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංවිධානය කිරීම යන කරුණු තුනය.

මෙය ජිනීවා යෝජනාවේ කැබලි බිඳවැටීමක් යයි රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

මෙම ජිනීවා යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී විවාදයට ගැනීමට නියමිත අතර ලංකා රජය ඊට පෙර එම යෝජනාවට සම අනුග‍්‍රහය දීමෙන් ඉවත්වීමට ද නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස