ඡන්ද පත්‍රිකාවේ කතිරයයි අංකයි දෙකම යෙදුවොත් අවලංගුයි! – මැකො

October 4, 2019 at 2:37 pm | by emanisa.lk

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී කතිරය හා ඉලක්කම් යන දෙකම භාවිත කළහොත් එය අවලංගු ඡන්දයක් බවට ගණනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඡන්දය ප්‍රකාශ කිරීමේදී සාම්ප්‍රදායික කතිරය භාවිත කළ හැකි නමුත් කතිරය භාවිත කිරීමෙන් පසුව අංක යෙදුවහොත් එය අවලංගු ඡන්දයක් බවට පත්වන බව ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව ඉලක්කම් යොදන්නේ නැත්නම් කතිරය පමණක් භාවිත කිරීම ප්‍රමාණවත් බව ඔහු ප්‍රකාශ කළේය.

එසේම අපේක්ෂකයන් වෙනුවෙන් තම කැමැත්ත අනුව 01, 02, 03 ලෙස අංක යෙදිය හැකි බවත් එය වලංගු ඡන්දයක් බවට ගණනය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස