ගෝඨා වෙනුවෙන් උදය, සරත්, කබ්රාල් මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයන් අමතයි!

October 20, 2019 at 1:39 pm | by emanisa.lk

2020 ගෝඨාභය සමග ශ්‍රී ලංකාවේ අනාගත දැක්ම මැයෙන් විද්වත් කතිකාවක් අද (ඔක් 20) ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී පැවැත්වේ.

මෙල්බර්න් නුවර ඩීකින් විශ්ව විද්‍යාලයේ බර්වුඩ් සරසවියේ රස්ඩන් රංග ශාලාවේ දී එරට වේලාවෙන් පස්වරු 2.30 ට මෙම වැඩසටහන ආරම්භ වූ අතර ශ්‍රී ලංකාවේ දේශපාලන, නීති, සමාජ සහ ආර්ථික ක්ෂේත්‍ර ආවරණය වන පරිදි දෙසුම් පැවැත් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් දෙසුම් පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන මෙල්බර්න් හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කර ඇත.

ඉදිරි මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවේ සහාය පුළුල්ව දිනා ගැනීමේ අරමුණින් ලෝකයේ වැඩිම විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙසෙන මෙල්බර්න් නගරයේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්වීම සුවිශේෂී වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස