ගෝඨා දේශපාලන සුක්කානම අතට ගනී! පක්ෂ ගණනාවක් සමග සන්ධාන සාකච්ඡා අරඹයි!

August 25, 2019 at 7:08 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ඕනෑම පක්ෂයක් සමඟ සාකච්ඡා කොට එහි සහාය පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයට ලබාගැනීමට එහි පක්ෂ නායකයෝ අවසර දුන්හ.

පසුගිය අඟහරුවාදා මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සිට සෙසු පක්ෂ ගණනාවක් සමඟ සාකච්ඡා කිරීමට ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

ඒ අනුව ඔහු පසුගියදා ඩග්ලස් දේවානන්ද හමුවූ අතර එදිනම පැවති වෙනත් සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ සහ රවුෆ් හකීම් හමුවී ඇත. එහිදී පවත්නා දේශපාලන තත්ත්වය ගැන දීර්ඝ ලෙස කතාබහ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස