දේශපාලන බලපෑම් නිසා ගෝඨාට බොරු නඩු දැම්මා! රටක් වටිනා ඇවන්ගාර්ඩ් ⁣වැනසුණේ බොරු නඩු නිසායි! මම නීතිය හදන්නත් නවන්නත් දන්නවා! – අල්ලස් කොමිසමේ හිටපු ලොක්කි සියල්ල වමාරී.. හඬපට මෙන්න….

September 20, 2019 at 9:20 am | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරූයේ දේශපාලන බලපෑම් නිසා බවත් තමා ඒ පිළිබඳ කනගාටු වන බවත්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පවසයි.

එසේම තමා නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පැවරූ නඩුව නිසා ලංකාවේ විශිෂ්ට සමාගම් කිහිපය අතරින් එකක් වූ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගම විනාශයට පත්වීම පිළිබඳ තමා දැන් කනගාටුවට වන බවත් ඒ පිළිබඳ හාංකවිසියක් දැන සිටියේ නම් මෙම නඩුව කිසිසේත් නොපවරන බවත් ඇයත් අවධාරණය කරයි.

එම සමාගමේ ලිපි ලේඛන 7500ක් පමණ තමා පෞද්ගලිකව කියවූ බවත් එමගින් නිශ්ශංක සේනාධිපති සිය සමාගමේ සේවකයන්ට සහ රටට කළ සේවාව තමා හොඳාකාරවම දැන් දන්නා බවත් ඇය සඳහන් කරයි.

තමා ගෝඨාභය රාජපක්ෂට ද නඩු පැවරීම වෙනුවෙන් නැවත පෙනී නොසිටින බව ඇය අවධාරණය කරයි. තමන්ට එසේ සිදුකිරීමට හේතු වූයේ දේශපාලන බලපෑම් නිසා බවද ඇය පවසයි. මෙම සමස්ත ක්‍රියාවලිය පිළිබඳ තමා අද මහත් සේ කනගාටුවට පත්වන බව ද නීතිය තැනීමට මෙන්ම කැඩීමට ද හැකි බව ද ඇය ප්‍රකාශ කරයි.

නිශ්ශංක සේනාධිපති සමඟ සිදුකළ දුරකථන සංවාදයකදී ඇය එම පාපොච්චාරණය සිදු කර ඇත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස