ගෝඨාට විරුද්ධව අපි උසාවි යන්නේ නෑ! ගෝඨා නෙමෙයි ඕන කෙනෙක් අපට පරාද කරන්න පුළුවන්! – ජවිපෙ

October 7, 2019 at 9:29 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවට යාමේ කිසිදු වුවමනාවක් තමන්ට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඒ අනුව එවන් සූදානමක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (06) කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව පවසන ජනතා විමුක්ති පෙරමුණ, එය ජනතාව නොමඟ යැවීම සඳහා අමාත්‍යවරයා විසින් සිතාමතා කරන ලද නිහීන උත්සාහයක් බව සඳහන් කරයි.

එහෙයින් එම ප්‍රකාශය තරයේ හෙළාදකින බවත්, තමන්ට මැතිවරණ මඟහැර යාමේ වුවමනාවක් නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් ඕනෑම අපේක්ෂකයකු ජනතාවගේ ඡන්ද බලයෙන් පරාජය කිරීමට තමන් සූදානම් බව ජනතාව දන්නා බවත් ජවිපෙ පෙන්වා දෙයි.

එහෙයින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක වටා දැවැන්ත ලෙස ඡන්ද දායකයින් ඒකරාශී වීම දරාගත නොහැකිව අසත්‍ය ප්‍රකාශ කරන රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැන්නන්ට නොරැවටෙන ලෙසයි ජවිපෙ ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස