ගෝඨාට නඩු දැම්මේ මේ රටේ නායකයන්ගේ කොන්ද පණ නැති නිසයි! රටේ ජනතාව එක්සත්ව රට ගලවාගත් නායකයන් සහ හමුදාව රැකගත යුතුයි! – බෙල්ලන්විල නාහිමි

April 18, 2019 at 6:41 pm | by admin

අපේ රටේ නායකයන් කිසිම පෞරුෂත්වයක් නැතිව විදේශ රටවලට ගැතිභාවයක් නැති නිසා ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ නඩු පැවරීම සිදු වූ බව බෙල්ලන්විල රජමහ විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි පවසයි.

එසේම එම නායකයන් සහ හමුදාව කළ උදාර කාර්ය වටිනා කාර්ය මකා දැමීම සඳහා මෙවැනි කටයුතු කරන බව උන් වහන්සේ සඳහන් කරයි. එහෙයින් රට ගලවා ගත් නායකයන් සහ හමුදාව ආරක්ෂා කර ගැනීමට ජනතාව එක්සත්ව කටයුතු කළ යුතු බව එහිමියෝ අවධාරණය කළහ. මෙම නඩු පැවරීම කවුරු කළ ද එය රටට කළ ලොකු ද්‍රෝහීකමක් බවත් ධම්මරතන හිමි පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස