කැබිනට් ඇමති රොත්තක් වත්කම් ප්‍රකාශන දීලා නෑ! දූෂණ විරෝධී සිහින ජනපති සජිත්, අකිල සහ රවීත් ඒ අතර! බොහෝ දෙනාට දැඩි දූෂණ චෝදනා!

September 10, 2019 at 1:16 pm | by emanisa.lk

වත්කම් ප්‍රකාශයට පත්නොකළ කැබිනට් ඇමතිවරු 8 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද (10) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

කැබිනට් අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, හරීන් ප්‍රනාන්දු, අකිල විරාජ් කාරියවසම්, රවී කරුනානායක, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන් සහ එම්.එච්.ඒ හලීම් යන අමාත්‍යවරුන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

2019 අගෝස්තු 20 වන විට 2018/19 වර්ෂවලට අදාළව සිය වත්කම් බැරකම් ප්‍රකාශනයට පත්කළ යුතුය. එසේම වත්කම් බැරකම් ප්‍රකාශන නීතියෙහි 4 (a) (ii) කොටසට අනුකූලව සියලුම කැබිනට් ඇමතිවරුන් ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබාදිය යුතුය.

එහෙත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් 2019 ගෝස්තු මස 28 වැනි දින ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පතට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය දන්වා ඇත්තේ 2019 අගෝස්තු මස 20 වැනි දින වන විටද කැබිනට් ඇමතිවරු 8 දෙනෙකු තම වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවයි.

මේ බොහෝ ඇමතිවරුන්ට එරෙහිව පසුගිය වසර කිහිපය පුරා දැඩි දූෂණ චෝදනා එල්ල වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස