කඩු මන්න පිහි හමූ මාළිගාවත්තේ දී මාධ්‍යවේදීන්ට පාට් දැමු කල්ලිය මෙන්න! (video)

May 8, 2019 at 10:50 pm | by admin

මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති සලාම් ජුම්මා මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳකින් කඩු 58 ක්, පිහි සහ මන්නා 53ක්, පතුරොම් පිරවූ කුඩා ප්‍රමාණයේ තුවක්කුවක්, අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සහ සීඩී තැටි 25ක් ඇතුළු උපකරණ රැසක් හමු වී ඇත.

එම අවි ආයුධ පොහොර උරයක බහා ළිඳ තුලට දමා තිබූ අතර, ඒ තුළ තවත් ආයුධ ඇත්දැයි බැලීම සඳහා පොලිස් කිමිදුම්කරුවන් තිදෙනෙකු ද යොදවා සෝදිසි කිරීමක්ද සිදු කෙරිණි.

මේ පිළිබඳ වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඒ අවට රැස් වූ මුස්ලිම් ජාතිකයන් දැඩි ලෙස බාධා කළ අතර පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ නියෝග ලබා දුන් වහා පිරිස විසිර ගියහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස