එජාපය හෝද හෝද මඩේ දමයි! 2015 යෝජනාවලිය මෙවරත් ගෙනෙයි!

September 27, 2019 at 5:40 pm | by emanisa.lk

ඔක්තෝබර් 03 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය පැවැත්වීමට නියමිතව තිබේ. ඒ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදීය.
එහිදී සමුළුවේ අනුමැතිය සඳහා යෝජනා 04 ක් ඉදිරිපත් කිරීමට නියමිතය.

1. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම
2. බලය බෙදා ජාතික ප්‍රශ්නය විසඳීම
3. යහපාලන ආණ්ඩුව ඇරඹු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම
4. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම

ඊයේ පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා මෙම යෝජනා ඉදිරිපත් කළ අතර යෝජනා 04 සඳහාම අනුමැතිය හිමිව තිබේ. මේ සියල්ල අඩු වැඩි වශයෙන් 2015 ජනාධිපතිවරණයට එජාපෙ සන්ධානය ලබා දුන් පොරොන්දුම වන අතර කිසිදු නැවුම් පොරොන්දුවක් නොමැති වීම විශේෂත්වයකි.

මෙයට පෙර සජිත් ප්‍රේමදාස යාපනයේ මාධ්‍ය හමුවක් තබමින් ද ප්‍රකාශ කළේ තමා අනුගමනය කරන්නේ 2015 මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව ම බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස