එජාපය ආණ්ඩුවේ වියදමින් මැතිවරණ ව්‍යාපාර කරනවා!-අනුර

July 10, 2019 at 4:31 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ආණ්ඩුවේ වියදමින් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.

කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ ඔහු මේ බව පැවසීය.

සමෘද්ධි ව්‍යාපාරයෙන් සිදු කරන්නේ දේශපාලන ව්‍යාපාරයක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ලංකාවේ දුප්පත්කම නැතිකිරීමේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වුණ සමෘද්ධි ව්‍යාපාරය මේ වන විට ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ට පමණක් සහනාධාර ලබා දෙන ව්‍යාපෘතියක් බවට පත්කර ඇති බවද මන්ත්‍රීවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස