එජාපයේ අනාගතය රටේ අනාගතයයි! සජිත් අපේක්ෂකයා නොකළොත් එජාප සභාපතිකමින් ඉවත් වෙනවා! – කබීර් හෂීම්

September 24, 2019 at 9:50 am | by emanisa.lk

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකර එජාපය පරාජයේ ආගාධයට ඇද දමන්නේ නම් දින දෙකක් ඇතුළත එජාප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඇමති කබීර් හෂීම් සිය සමීප මිතුරන්ට පවසා ඇතැයි වාර්තා වෙයි.

එජාපයේ අනාගතය යනු රටේ අනාගතය බවත් හෘද සාක්ෂියට අනුව කටයුතු කළ නොහැකි නම් සියලු දෙනා එක්ව රටටත් ජාතියටත් කරනුයේ ද්‍රෝහීකමක් බවත් හෙතෙම අවධාරණය කර තිබේ.

තමාගේ විශාලතම බැඳීම ඇත්තේ පක්ෂයට මිස පුද්ගලයකුට නොවන බවත් ඇමතිවරයා පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස