ඊළාම් රාජ්‍යයක් සඳහා සටන් වදින දෙමළ ඩයස්පෝරාවත් හංසයාට! සජිත්ට ඡන්දය දෙන්නැයි GTF සභාපති එමානුවෙල් දෙමළ ජනතාවගෙන් ඉල්ලයි!

November 15, 2019 at 10:30 am | by emanisa.lk

ජාත්‍යන්තර දෙමළ සංගමයේ සභාපති ආචාර්ය එස්.ජේ. එමානුවෙල් පූජකයා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

ඔහු එමගින් ඉල්ලා ඇත්තේ උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවට සජිත් ප්‍රේමදාස තරඟ වදින හංසයා ලකුණට සිය ඡන්දය ලබා දෙන ලෙසය.

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිස්තියානි පූජකයකු වන එස්.ජේ. එමානුවෙල් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජිනීවාහි යුද අපරාධ චෝදනා ගෙන ඒමට මුල් වී කටයුතු කළ අයෙකි.

එසේම ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට ඇමරිකාව සමග එක්ව සම යෝජනාවක් ගෙන ආ මංගල සමරවීරගේ ද මිතුරෛකි. එසේම වේලුපිල්ලේ ප්‍රභාකරන්, චන්ද්‍රිකා කුමාරතුංග පවා ඇසුරු කළ අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස