ඉදිරි අවුරුදු 5දී ඩිජිටල් ආර්ථිකයක් හදලා බිලියන 500ක ආයෝජන ගේනවා! 2030 වෙද්දී රටේ ණය බර අවසන් කරනවා! – අගමැති

October 4, 2019 at 6:22 pm | by emanisa.lk

අපනයනය ඉලක්ක කරගත් ඩිජිටල් ආර්ථිකයක් ඔස්සේ සීග්‍ර සංවර්ධන මාවතකට පිවිසීම සඳහා සාධනීය ප්‍රතිසංස්කරණ පදනම් කරගත් දැවැන්ත පිම්මක් ඉදිරියට පැනිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ සැලසුම් ක්‍රියාත්මක කරලීම උදෙසා ඉදිරි වසර 5 තුළ රුපියල් බිලියන 500 ක ආයෝජනයක් කරලීමට රජය කැපවී සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ ආකාරයෙන්ම වේගයෙන් ඉදිරියට යෑමෙන් 2030 වසර වන විට ණය බරින් ගැලවීමට හැකියාව උදා කරගත හැකි බවද, නව රැකියා සහ ආදායම් මාර්ග නිර්මාණය කරගත හැකි බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මහනුවර – කොළඹ- හම්බන්තොට අධිවේගී මාර්ගය වටා සැලසුම් කර ඇති වාණිජ හා වෙළඳ අවස්ථා පිළිබඳව ද, උතුරු නැගෙනහිර ආර්ථික සංවර්ධන සැලැස්ම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා කරුණු ගෙනහැර දැක්වීය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, උප සභාපති විස් ගෝවින්දසාමි ඇතුළු වාණිජ මණ්ඩලයේ සාමාජික පිරිසක් ද සහභාගි වී සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස