ආරක්ෂාව සම්බන්ධව රටේ ඉන්න දක්ෂම පුද්ගලයා අපේ ෆොන්සේකා මහත්තයා! ගෝඨා යුද්දෙට බයේ රට දාලා ඇමරිකාවට පැනලා ගිය කෙනෙක්! – වෙල්ගම (video)

June 26, 2019 at 9:10 am | by emanisa.lk

අද ලංකාවේ සිටින ආරක්ෂාව සම්බන්ධ දක්ෂතම පුද්ගලයා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

එසේම අවසන් සටනට නායකත්වය දුන් ඔහු හමුදාවට බැඳුණු අවස්ථාවේ සිට විශ්‍රාම යන තුරුම ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ බවත් ගම්මන්පිලලා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු බව කියන අපේක්ෂකයා යුද්ධයට බියෙන් රට හැර ඇමරිකාවට පළා ගිය පුද්ගලයකු බවත් හෙතෙම පෙන්වා දෙයි.

19 වෙනි සංශෝධනය හොඳ නැති විය හැකි වුවත් ඒ සඳහා අප සියලු දෙනා අත එස වූ බවත් එසේ නම් එය දැන් හොඳ නැතැයි කියන්නේ කෙසේ දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස