අල්ලස් කොමිසමේ දිල්රුක්ෂි සිදුකළ විමර්ශනවල ස්වාධීනත්වය පිළිබඳ ගැටළුක් තියෙනවා! – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

September 25, 2019 at 8:50 pm | by emanisa.lk

අල්ලස් කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම හිටපු සොලිස්ටර් ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ හා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති බව කියන සාකච්ඡාවේ හඬ පටය සත්‍ය නම් එය මහජනතාව ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය පිළිබඳව තවා ඇති විශ්වාසය පිළිබඳව දැඩි බලපෑමක් ඇතිකරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එසේම ඒ හරහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම සිදුකළ ඇතැම් නඩු කටයුතු පිළිබඳව ගැටලුවක් ඇති කරන බව ද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එසේම එම දුරකතන සංවාදයේ ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කළ විට ඇයගේ කාල සීමාවේදී සිදුකළ විමර්ශනවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගැටලු ඇති කරන බවත් එහි වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස