අපේ සහාය එජාප අපේක්ෂකයාට විතරයි! රාජපක්ෂ පවුලේ කිසිවකුට සහාය දෙන්නේ නෑ! – දෙමළ ජාතික සන්ධානය

August 6, 2019 at 2:55 pm | by emanisa.lk

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදී උතුරේ දෙමළ ජනතාවට සිදුවූ අසාධාරණකම් නිසා ඔහුගේ පවුලට සම්බන්ධ කිසිම අයකුට ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව සහාය ලබා නොදෙන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා පෙරේදා (04) යාපනයේදී පැවසීය.

යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකදී ජනතාව අමතමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ යාපනයේ පොහොට්ටුවේ කාර්යාල විවෘත කරමින් නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා දෙමළ ජනතාවට නිවසක් සාදා දුන් පළියට ජනතාවගේ තීරණය වෙනස් කළ නොහැකි බවයි.

උතුරේ ජනතාවට සිදුවූ අසාධාරණකම් පිළිබඳව ඔවුන් ඉතා හොඳින් දන්නා බවත් ඒවා ජනතාවට අමතක වී නොමැති නිසා ජනාධිපතිවරණයේදී කළගුණ සලකන ආකාරය උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ඉතා හොඳින් දන්නා බවත් මැතිවරණ ප්‍රතිඵලවලින් එය දැක බලාගත හැකි බවත් ඔහු පැවසීය.

යුද අපරාධ වසන් කොට කටයුතු කිරීමට සූදානම් වුවත් මුළු ලෝකයේම ජනතාව යුද අපරාධ සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව ඉතා හොඳින් කරුණු දන්නා බව කී මන්ත‍්‍රීවරයා ජාත්‍යන්තර මට්ටමින් පිහිටුවනු ලබන අධිකරණයක් මඟින් යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කොට වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා ඇතත් ඒ සඳහා වූ යෝජනාවන් ක‍්‍රියාත්මක කිරීම වසරින් වසර කල් යන බවත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස