අපි මේ ආණ්ඩුවේ ඇමතිකම් භාරගන්නේ නෑ! – සුමන්දිරන්

December 3, 2019 at 9:12 am | by emanisa.lk

තමා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇමති ධුර ලබා ගෙන වර්තමාන ආණ්ඩුවට සහය ලබා දීමට මේ දිනවල සාකච්ඡා කරන බවට දෙමළ මාධ්‍යවල පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් පවසයි.

කිලිනොච්චියේ පරන්තන් ප්‍රදේශයේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.

ඕනෑම ආණ්ඩුවක් සමග තමන් සාකච්ඡා කරන බවත් ඒ උතුරු නැඟෙනහිර ජනතාව සඳහා දේශපාලන විසඳුමක් ලබා ගැනීම පිණිස බවත් හෙතෙම සඳහන් කළේය.

එළඹෙන මහා මැතිවරණයට සහ පළාත් සභා මැතිවරණවලට තමන් සූදානම් බවත් සියලු දෙමළ දේශපාලන පක්ෂ එකම අරමුණක් කරා කැඳවා ගැනීම සඳහා උත්සාහ කරන බවත් සුමන්දිරන් එහිදී පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස