අන්තවාදීන් සූක්ෂ්ම ජන සංහාරය සඳහා ගබ්සා පෙති යොදන බව සැබෑවෙයි! පාස්කු ප්‍රහාරකයන්ගේ ගබ්සා පෙති සහ මත්පෙති ගබඩාවක් අල්ලයි!

May 2, 2019 at 10:28 am | by admin

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරුණු අන්තවාදීන්ගේ කණ්ඩායමට අයත් මත්පෙති සහ ගබ්සා පෙති බෙදාහරින කල්ලියක ප්‍රධාන ගබඩාව කොළඹ ආදුරුප්පු වීදියේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය වටළා තිබේ.

මෙහිදී රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මත්පෙති හැට තුන්දහස්, ලිංගික උත්තේජන පෙති හා ගබ්සා පෙති තොගයක්ද සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පෙති අතරේ තිබූ ගබ්සා පෙති පහක් අඩංගු කාඩ්පතක් රුපියල් පන්දහසකට විකුණූ බවත්, එම පෙති පානය කරන කතුන්ට ජීවිත කාලයටම දරුඵල අහිමි වන බවත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙදී හෙළිවී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික ද සිල්වා ඇතුළු කණ්ඩායමක් ආදුරුප්පු වීදියේ මෙම ගබඩාව වටලා ඇත්තේ පසුගියදා මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් පවුලේ නිවසක තිබී සොයාගත් මත්කුඩු ගැන විමර්ශන සිදුකළ අවස්ථාවේදී ලද තොරතුරක් මතය.

කොළඹ සහ පිට පළාත්වල මෙම මත් පෙති සහ වඳ පෙති බෙදා හරින ලද මොහොමඩ් එලුව්දින්, මොහොමඩ් පනාවික් යන දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අනුව ආහාරවලට සහ කාන්තා යට ඇඳුම්වලට පවා වඳ බෙහෙත් සහ ගබ්සා බෙහෙත් ඇතුළත් කරන බවට පසුගිය සමයේ හෙළිදරව් වූ කරුණුවල සත්‍යතාවක් ඇති බව තහවුරු වෙයි. මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් සොහොයුරන්ගේ පියා මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර ලංකාවේ ලොකුම කුළුබඩු ව්‍යාපාරිකයා ඔහුය. කුළුබඩුවලට හැඩරුවින් ඊට සමාන වඳ බෙහෙත් වර්ග කවලම් කර ඇති බවට පසුගිය සමයේ චෝදනා එල්ල විය. එහෙත් ඒ චෝදනා වර්ගවාදී ප්‍රකාශ ලෙස සලකා බැහැර කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස