අද සවසම හඬ අනුව ඊළඟ ජනාධිපති නම් කිරීමට කරූ සූදානම්! (video)

August 11, 2019 at 1:42 pm | by emanisa.lk

ශබ්දයේ හඬින් විශ්වාසභංගය සම්මත කළ කතා නායක කරූ ජයසූරියට අද (11) දිනයේ දැල්වෙන රතිඤ්ඤා හඬින් දිනන්නේ කුමන ජනපති අපේක්ෂකයාද යන්න තීරණය කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මාලබේ, පිට්ටුගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එසේම “අපේ ජනාධිපති අපේක්ෂකයා ගෝ…. කියන කොට රටේම මිනිස්සු බලාගෙ ඉන්නවා අලුත් අවුරුද්දට වැඩියෙන් රතිඤ්ඤ පත්කරන්න, කැවුම් කිරිබක් කන්න.” යනුවෙන්ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රථම ජාතික මහා සම්මේලනය අද (11 දා) පස්වරු 3.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම ජාතික මහ සමුළුවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ පක්‍ෂ නායකත්වයට පත් කිරීමෙන් අනතුරුව රටම බලා සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමට නියමිතය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස