අගමැති රනිල්ටත් සම්මානයක්!

August 31, 2019 at 3:44 pm | by emanisa.lk

අරලියගහ මන්දිරයේ පැවති සම්මාන උළෙලක දී අගමැති රනිල් වික්‍රමසිංහට සම්මානයක් හිමි විය.

මෙම උළෙල ජාතික ක්‍රිස්තියානි සංගමය විසින් සංවිධානය කර තිබිණි. මේ අවස්ථාවට ඇමති රවී කරුණානායක ද එකතු විය.

අගමැතිවරයාගේ දේශපාලන ගමන ඇගයීම සඳහා මෙම සම්මානය ප්‍රදානය කෙරිණි.

මෙයට පෙර එජාපයේ සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල සහ කතානායක කරූ ජයසූරියට ද විවිධ භික්ෂූ පාර්ශවලින් සම්මාන ප්‍රදානය කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස