හැඳුනුම්පතට කඩේ යාම භයානකයි! මේක කොරෝනා ගෙට ගන්න වැඩක්! – GMOA

April 27, 2020 at 9:55 am | by emanisa.lk

වෛරසය දරුණු අන්දමින් රට පුරා පැතිර යාමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් පවතින අවස්ථාවේ භාණ්ඩ හා ඖෂධ මිලදී ගැනීම් සඳහා ළඟම ඇති වෙළඳසැලට එක් එක් දිනවල එක් එක් පුද්ගලයකු නිවසින් බැහැර වීමට අවස්ථාව සැලසීමෙන් සෑම නිවසක් තුලටම කොරෝනා වෛරසය රැගෙන යාමට පාර කැපීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.‍

මෙසේ කටයුතුතු කලහොත් සෑම නිවසකම කොරෝනා රෝගය පාලනය කරගත නොහැකි වනවා පමණක් නොව ආසාදිතයන් ගමක් නගරයක් පාසා පොකුරු පිටින් බිහිවීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවට එම සංගමය අනතුරු අඟවයි.

භාණ්ඩ හා ඖෂධ මිලදී ගැනීම සඳහා නිරෝගී තරුණ පුද්ගලයකුට නිවස ආසන්නයේ වෙළඳසැලකට යෑම පිණිස බලපත්‍රයක් නිකුත් කිරීම කෙරෙහි බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස