රටපුරා පොකුරු ඇති වීමේ අවදානමක්! වහා ම දිස්ත්‍රික් 05ක් ලොක්ඩවුන් කරන්න! – GMOA

October 24, 2020 at 2:38 pm | by emanisa.lk

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

එම දිස්ත්‍රික්ක ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල බව සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

එම දිස්ත්‍රක්ක මගින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති නිසා ඒවායේ මායිම් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මනින්ම තීරණයක් ගත යුතු බව හෙතෙම අවධාරණය කරයි.

එම තීන්දුව තව දුරටත් කල් දැමුව හොත් පෑලියගොඩ ආකාරයේ පොකුරු රට පුරා වාර්තා වීමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස