ඊයේ රාත්‍රිය වන විට තවත් කොරෝනා ආසාදිතයින් නවදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඊයේ නව ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් ගෙවුණු දින 22 ක කාලය තුළ බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයකි.
ඊයේ වාර්තා වූ රෝගීන් නාවික හමුදාවෙන් සහ විදෙස් රටවල සිට පැමිණි දෙදෙනෙකි.