අපි කාගෙවත් වහල්ලු නෙමෙයි…! ජනවරමට පිටින් යන්න අපි සූදානම් නෑ…! – විමල්…

February 4, 2021 at 9:17 am | by emanisa.lk

තමන් කිසිවකුගේ වහලුන් නොවන බවත් ආණ්ඩුව තුළ සිටියත් තමන්ගේ පක්ෂවලට ස්වාධීනත්වයක් සහ අනන්‍යතාවක් පවතින බවත් ඇමැති විමල් වීරවංශ පවසයි.

69 ලක්ෂයේ ජනවරම දිවිහිමියෙන් ආරක්ෂා කරන අතර ඊට එරෙහිව යන ඕනෑම පාර්ශ්වයක් සමග ගැටීමට තමන් බිය නොවන් බවත් අමාත්‍වරයාාගේය ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ පක්ෂ 10ක නව සන්ධානය අවධාරණය කරයි.

එම පක්ෂ දහයේ නායකයින් ඊයේ (03) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීමට කටයුතු කළාක් මෙන්ම ඉදිරියටත් 69 ලක්ෂයේ ජනවරමෙහි පූජනීයභාවය රැකගැනීම සඳහා කැපවන බවයි.

“සමහරු කියනවා භූ දේශපාලන යථාර්ථය දන්නවානම් ඉන්දියාවට නැගෙනහිර පර්යන්තය දිය යුතුයි කියා. භූ දේශපාලන යථාර්ථයක් තිබෙන බව ඇත්ත. ඉන්දියානු සාගර කලාපයේ බලය පිළිබඳ ප්‍රශ්නයේදී ඉන්දියාව ඇමරිකාව සමග එකට සිටිමින්, චීනය වෙනම සිටිමින් තම තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා විශාල මෙහෙයුම්වල නිරත වන බව අපි දන්නවා.

ඒ නිසා ඒ කවර පාර්ශ්වයකවත් ගොදුරක් නොවී සිටීමට අපට රටක් ලෙස හැකි විය යුතුයි. එම බල කේන්ද්‍ර දෙකෙහි කවර පාර්ශ්වයක හෝ කොටස්කරුවෙකු නොවුණහොත් තමයි අපට නොබැඳි පිළිවෙතින් රටක් ලෙස ඉදිරි ගමනක් යා හැක්කේ. මේ සියල්ල ගැන සිතා තමයි අපේ රට ගැන, රාජ්‍ය නායකයන් තීන්දු ගත යුතුව ඇත්තේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස