19 ගෙනාවේ පුද්ගලයන් ඉලක්ක කරගෙන! නව සංශෝධනයෙන් එය නිවැරදි විය යුතුයි! – විමල්

August 26, 2020 at 12:02 pm | by emanisa.lk

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ දී පුද්ගලයින් ඉලක්ක කර නීති සම්පාදනය කිරීමේ වැරැදි පිළිවෙත නතර කළ යුතු බව ඇමති විමල් වීරවංශ පෙන්වා දෙයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ දී ඉන් ඉලක්ක කර තිබුණේ ඇතැම් පුද්ගලයින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හා පාර්ලිමේන්තුවට තේරී පත් වීම වැළැක්වීමට බවද ඔහු සඳහන් කරයි.

මේ නිසා ඒ වැරැද්ද ආණ්ඩුව ගෙන එන නව ව්‍යවස්ථා සංශෝධනය තුළ නිවැරැදි විය යුතු බවද පෙන්වා දෙන ඇමති වීරවංශ සඳහන් කරන්නේ ස්ථාවර ආණ්ඩුවක් ගෙන යෑමට අවශ්‍යය නීතිරීති සම්පාදනය කිරීම නව ව්‍යවස්ථාවේ අරමුණ වී ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස