අපරාධකාරයෝ රකින පම්පෝරි දේශපාලනය අද වලංගු නෑ! – ඇමති විමල්ගෙන් ඇමති ජොන්ස්ටන්ට ප්‍රහාරයක්…

July 23, 2020 at 8:48 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට 69 ලක්ෂයක් ඡන්දය ලබා දුන්නේ අපේ පාර්ශ්වයේ කෙනෙක් වරදක් කර ඇත්නම් එයාගේ මයිලකටවත් අත තියන්න දෙන්නේ නෑ වැනි උද්දච්ඡ ප්‍රකාශ කිරිමට නොවන බව විමල් වීරවංශ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් පවා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවට චෝදනා කරන නමුත් තමා සිටින තෙක් නගරාධිපතිවරයාගේ මයිලකට අත තැබීමට ඉඩ නොදෙන බවට අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය 19 වනදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් (22) ඔහු මේ බව සඳහන් කළේය.

“අපේ පාර්ශවයේ කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් එයාගෙ මයිලකටවත් අත තියන්න දෙන්නෙ නෑ වගේ උද්ධච්ඡ ප්‍රකාශ කරන්න නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ ජනතාව ලක්ෂ 69ක් ඡන්ද දුන්නේ. ඒ උද්ධච්ඡ දේශපාලනය අතීතයට අයිති එකක්.

ඒක වර්තමානයටවත් අනාගතයටත් අයිහි නෑ. ඒ පංපෝරි ගහන දේශපාලනය වලංගු නෑ. ඒක අපි තේරුම් ගන්නෝනි. වරදක් කරලා තියෙනවා නම් ඒකට අකුල් හෙලන පංපෝරි දේශපාලනය යල් පැන ගිය එකක්. සමහර දේශපාලකයෝ යාවත්කාලීන නෑ. ඒකයි මෙතන තියෙන අවුල.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස