ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න ඇමරිකාවට නැවතත් හැකි වේවා! – නව ජනපතිට සජිත්ගෙන් සුබ පැතුම්….

November 8, 2020 at 8:38 am | by emanisa.lk

ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙසට ජෝ බයිඩන් පත්වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සුළු වේලාවක් ගත වීමට පෙර ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජෝ බයිඩන්ට සුබ පතා තිබේ.

ඔහු ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස පත්වීමට නියමිත කමලා හැරිස්ට ද සුබ පැතුම් එක්කර ඇති අතර, ඔහුගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ඇමෙරිකානු ජනාධිපතිවරයා හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව ද නිකුත් කළ සුබ පැතුම් නිවේදනයෙහි සඳහන් වෙයි.

ලෝකයට නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, මානව අයිතිවාසිකම් සහ පෞද්ගලික නිදහස ලබා ගැනීම සඳහා නායකත්වය දීමට ඇමරිකාව පත් කිරීමට ජනපති බයිඩන්ට හැකිවේවා යැයි ද ප්‍රාර්ථනා කර තිබේ.

ඇමරිකාව ලොව පුරා රටවල් ගණනාවක යුද්ධ සඳහා මැදිහත් වූ ජනාධිපති බැරක් ඔබාමාගේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ජෝ බයිඩන් ය. එහෙත් ජනපති ට්‍රම්ප් පාලන සමයේ ඇමරිකාව කිසිදු යුද්ධයකට මැදි වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස