20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වන වගන්තිය සංශෝධන සහිතව වැඩි ජන්දයෙන් සම්මත විය.
එහි දී එම වගන්තියට පක්ෂව ජන්ද 157ක් ද විපක්ෂව ජන්ද 64ක් හිමි විය. 20 වෙනි සංශෝධනය සඳහා පක්ෂව ඡන්ද 156ක් ලැබී ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තියට පක්ෂව ඡන්ද 157ක් ලැබීම විශේෂත්වයකි.
මෙම වගන්තිය සඳහා ඡන්දයක් ඉල්ලා සිටියේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසිනි.