13ට එරෙහිව සටන් කළ ප්‍රේමදාසගේ පුතාණෝ 13 රකින්න පොරොන්දු වීම දෛවයේ සරදමක්!

July 8, 2020 at 11:30 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාස යාපනයට ගොස් ප්‍රකාශ කළේ විග්නේශ්වරන්වත් නොකී කතාවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) කෝට්ටේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවසීය.

“යාපනය ප්‍රදේශයට ගොස් දෙමළ ඡන්දවලට කෙළ හලමින් සජිත් ප්‍රේමදාස කිව්වේ 13 වැනි සංශෝධනය රැක ගන්නා බවයි. ඉන්දියාව අපිට බලෙන් පැටවූ 13 වැනි සංශෝධනයට විරුද්ධව ප්‍රබල හඬක් නැගුවේ එදා අගමැති ධුරය දැරූ සජිත් ප්‍රේමදාසගේ පියා වූ රණසිංහ ප්‍රේමදාසයි.

එතුමාගේ සදාදරණීය පුතානෝ 13 රැක ගැනීමට කැපවෙනවා යැයි කීම ඉතිහාසයේ සරදමක් ලෙසයි අප දකින්නේ. 13 වැනි සංශෝධනය ගෙනවිත් වසර 33ක් ගතවුණත් කිසිම ආණ්ඩුවක් පොලිස් බලතල පළාත් සභාවට නොදුන්නේ ඒක දුන්නොත් අනාගත බෙදුම්වාදී යුද්ධය ඇතිවන්නේ ශ්‍රී ලංකා හමුදාවත් උතුරු පළාත් පොලිසියත් අතර නිසයි.

දැනට ඉඩම් බලතල ජනාධිපතිවරයා යටතේ තිබියදීත් මුහුදු මහා විහාරය වැනි ඓතිහාසික විහාරයන්ගේ අන්තවාදීන් විසින් මංකොල්ලකමින් ඒ පුරා වස්තු විනාශ කරමින් සිටිනවා නම් ඒ බලතලත් පළාත් සභාවට දුන්නොත් කොහොමට හිටිද?

13 වැනි සංශෝධනය හරියට ක්‍රියාත්මක කළොත් පුරාවිද්‍යා ස්ථාන පවා පළාත් සභාවට යටතට වැටෙනවා. එම සංශෝධනය හරියට ක්‍රියාත්මක කළොත් ලංකාව දෙකට නෙවෙයි නවයකට කැඩෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස