කුරුණෑගල මනාප සටන උණුසුම්! මහින්දගේ ආධාරකරුවන්ටත් ප්‍රහාරයක්!

July 8, 2020 at 11:06 am | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවෙකුට සහ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ වෑන් රථයකට හා රියදුරෙකුට ඊයේ (07) මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඔවුන්ට පහර දී පැහැර ගෙන යන අතර පොලිසිය මාර්ග බාධක යොදා පිරිස බේර ගෙන ඇතැයි වාර්තා වෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ සහභාගී වන ජනහමු සඳහා ආරාධනා පත් බෙදීමට යන අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර කුරුණෑගල මඩගහපොළ ප්‍රදේශයේ දී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

සුදු පැහැ ඩිපෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් වෑන් රියේ මග හරස් කර නවතා ටී.බී. ඒකනායකගේ බල ප්‍රදේශය තුළ කිසිවෙකුට ඡන්ද කළ නොහැකි බව පවසමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙ.

මේ සිද්ධිය පිළිබඳ පන්සියගම පොලිසියට පැමිණිලි කර ඇති අතර රාජ්‍ය ආයතනයකට අයත් එම වාහනයේ අංක තහඩු මාරු කර ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස