සමගි ජනබලවේගය තුළ දැනටම දේශපාලන කුමන්ත්‍රණයක් ආරම්භ වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන පවසයි.
සජිත් ප්‍රේමදාස නායකයකු නොවන බවත් ඔහුගේ කොන්ද පණ නොමැති බවත් පාක්ෂිකයන් අතර ප්‍රචාරය කරන කුමන්ත්‍රණයක් එහි සිටින කණ්ඩායමක් අරඹා ඇතැයි ඔහු අනාවරණය කරයි.
මෙම මැතිවරණයෙන් පරාජය වූ පසු පක්ෂ නායකත්වයෙන් සජිත් ප්‍රේමදාස ඉවත් කිරීම සඳහා එම පිරිස මේ වන විට සූදානම් වී සිටින බව ඔහු සඳහන් කරයි.
ඇතින්නක් වැදිය යුත්තේ ඇත් පැටවෙකු වුවත් මේ ඇතින්න වැදුවේ ටෙලිෆෝනයක් බව පැවසූ රෝහිත අබේගුණවර්ධන මැතිවරණයෙන් පසු ටෙලිෆෝනයේ රිසිවරය එක තැනක ද මැද කෑල්ල එක තැනක ද අංක ටික තවත් තැනක ද තිබෙනු ඇතැයි ඔහු සඳහන් කළේය.
මේ කුමන්ත්‍රණය පිටුපස සිටින පුද්ගලයාගේ නම ද නුදුරේදීම හෙළි කරන බව රෝහිත අබේගුණවර්ධන වැඩි දුරටත් පැවසීය.