එජාපය හරි මඟට ගන්න රනිල් ඉවත් වෙන්න ඕන! – නවීන්

July 6, 2020 at 9:33 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට පක්ෂයෙන් වැඩක් නොවුණද අලියා ලකුණ මරන්නට ඉඩ ලබා දිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් එජාප අපෙක්ෂක නවින් දිසානායක පවසයි.

නවින් දිසානායක මේ බව කියා සිටියේ වළපනේ ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක්වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ 6 වෙනිදා පසුව එක්සත් ජාතික පක්ෂය යළිත් ශක්තිමත්ව ගොඩනගන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා හරි මගට ගනිමින් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන බවත්, හරි මග යාමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ කටයුතු නොකරන්නේ නම් ඔහුට නායකත්වයෙන් ඉවත් වන ලෙස දැනුම් බව ලෙස නවින් දිසානායක සඳහන් කරයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයන් එකම වේදිකාවක සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළද අනෙකුත් පක්ෂවල අපෙක්ෂකයන් මනාප පොරය නිසා තනි තනිවම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බව ද නවින් දිසානායක පවසයි.

ලබන 6 දිනයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය හැර නොගිය පාක්ෂිකයන්ව රැක බලා ගැනිමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස