කොරෝනා ව්‍යාප්තිය පාලනය අතින් ශ්‍රී ලංකා රජය මේ වන විට ඉතා ඉහළ සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටින බව ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනි අලෙයින් බී ටෙම්ප්ලිට්ස් සදහන් කරයි.
වෛරසය ප්‍රජා සම්ප්‍රේෂණය වළක්වා ගත් ලෝකයේ අතලොස්සක් රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් බව ඇය කියා සිටී.
පසුගිය වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරය නිසා කොරෝනා වසංගතය සමග ලංකාව ආර්ථික ගැටළුවලට මුහුණ දෙමින් සිටින බවත් ඒ සඳහා උදව් කිරීමට ඇමරිකාව සූදානම් බවත් ඇය අවධාරණය කරයි.
එසේම පසුගියදා ඇමරිකානු තානාපති නිලධාරියෙකු මෙරට නීති උල්ලංඝනය කරමින් රටට ඇතුළු වූ කතාව අසත්‍යයක් බවත් ඔහු සියලු නීති අනුගමනය කළ බවට තමන් සහතික වන බවත් තානාපතිනිය සඳහන් කළාය.