සහරාන් අල්ලන මෙහෙයුම නතර කළේ පූජිත! සහරාන් අල්ලන්න සැලසුම් කළාට දඬුවම් මාරුවකුත් ලැබුණා! – පාස්කු ප්‍රහාරයට රට ඇදගෙන ගිය හැටි බුද්ධි නිලධාරියෙක් හෙළි කරයි…..

May 17, 2020 at 3:39 pm | by emanisa.lk

2017 වසරේ කාන්තන්කුඩි ප්‍රදේශයේ පල්ලි දෙකක් අතර ගැටුමක් ඇති වූ බවත් ඊට හේතු වූයේ සහරාන් නැමැත්තෙකු අන්තවාදය දේශනා කිරීම සහ තවත් පල්ලියක් ඊට එරෙහි වීම බව එවක මීගමුව කොට්ඨාසයේ බුද්ධි ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කර තිබේ.

සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා එවක පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් අවසර ඉල්ලා සිටි අවස්ථාවේ එවක ත්‍රස්ත විමර්ශන ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මාර්ගයෙන් ඊට අවසර ලැබුණ ද අනතුරුව එම මෙහෙයුම නතර කර දමන ලෙස පූජිත් ජයසුන්දර විසින් නාලක සිල්වා මාර්ගයෙන් තමන්ට උපදෙස් ලබා දුන් බව ඔහු සඳහන් කළේය.

අනතුරුව නාලක සිල්වා විසින් තමන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ස්ථාන මාරු කළ බව එම නිලධාරියා අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස