ශ්‍රී ලංකා ආරක්ෂ ඉතිහාසයේ නොතකා හළ බලවත්ම බුද්ධි ලිපිය මෙන්න! එහි ප්‍රතිඵලය ලෙස ජීවිත 250කට වඩා අහිමි විය!

May 30, 2019 at 4:10 pm | by admin

අප්‍රේල් 21 වන දා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳ ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් අප්‍රේල් මස 09 වෙනි දින අතිශය රහස් Eyes Only නම් ප්‍රමුඛතා සංකේතය ද යෙදූ පොලිස්පති පූජිත් ජයසූන්දර දැනුම්වත් කිරීමට කටයුතු කළ බව බුද්ධි අංශ ප්‍රධානියා ඊයේ (29) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ පාර්ලිමේන්තු කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.

එම ලිපියෙහි ස්ථාන කිහිපයකට ජාතික තවුහිද් ජමාත් නායක සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ සහචරයන් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බව ද එය මරාගෙන මැරෙන ප්‍රහාරයක්, වෙඩි තැබීමක්, පිහි ප්‍රහාරයක් හෝ ට්‍රක් රථ ප්‍රහාරයක් විය හැකි බව ද පවසා තිබේ.

කෙසේ වුවද මෙම ලිපිය ඉන් අනතුරුව පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීම්වල දී සාකච්ඡාවවට ගතයුතු වුවද ඒ සඳහා ප්‍රමුඛතාවක් නොලැබුණු බව ද ජාතික බුද්ධි අංශ ප්‍රධානියා හෙළි කළේය. මෙම ලිපියට ප්‍රමාණවත් අවධානයක් යොමු කළේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හොඳටම ඉඩ තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස