ජනතාව වෙනුවෙන් නිරතුරුව සිය ජීවිතය සහ වෘත්තීයභාවය කැප කළ රාජිත සේනාරත්න මැතිතුමා අත්අඩංගුවට ගෙන සිරබත් කෑමට ආණ්ඩුව සලස්වා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක පවසයි.
රාජිත සේනාරත්න නිවැරදි පුද්ගලයකු බවත් ඔහුගේ නිවැරදිභාවය ඉදිරියේදී අධිකරණය හමුවේ ඔප්පු කරන බවත් මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලන දඩයමක් බවත් ඔහු දේශපාලන සිරකරුවෙකු බවත් හෙතෙම අවධාරණය කළේය.
ඊයේ (13) රාත්‍රී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අධිකරණය මගින් බන්ධනාගාරගත කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.