රවිත් රාජිත මග යයි! අත්අඩංගුවට ගන්න යද්දි ගෙදර නෑ!

March 7, 2020 at 9:48 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුවේ පලමු  මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය ඊයේ (06) නිකුත් කළ වරෙන්තු නියෝගය අනුව අද (07) පෙරවරුවේ බත්තරමුල්ල, රජමල්වත්ත මාවතේ පිහිටි නිවසට අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් තිබේ.

එහෙත් රවී කරුණානායක එම නිවසේ නොසිරීම හේතුවෙන් පැයකට ආසන්න කාලයක් එහි රැඳී සිටි අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආපසු පිටව ගොස් ඇත.

2016.03.29 පැවති බැඳුම්කර වෙන්දේසියේදී පොදු දේපලක් වූ රුපියල් බිලියන 36.98ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීම සඳහා සෙසු සැකකරුවන් සමග කුමන්ත්‍රණය කිරීම සහ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ නියෝජිතයින්ට වංචා කිරීම යන චෝදනා නීතිපතිවරයා විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම 2016 මාර්තු 31වනදා පැවති බැඳුම්කර වෙන්දේසියේදී පොදු දේපළක් වූ රුපියල් බිලියන 15ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීම සදහා සෙසු සැකකරුවන් සමග කුමන්ත්‍රණය කර ඇති බවට වන චෝදනාවද රවී කරුණානායකට ඉදිරිපත් කර ඇති තවත් චෝදනාවක් වේ.

ඒ අනුව කුමන්ත්‍රණය කිරීම, වංචා කිරීම, සාවද්‍ය පරිහරණය සහ තමන්ට වාසිදායක වන පරිදි වෙළඳපොල මිල කෘතිමව ඉහළ දැමීම යන චෝදනාවලට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ ප්‍රතිපාදනයන්ට අනුව නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට සැකකරුවන් 12 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා නොපමාව වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස