මහ මැතිවරණය අප්‍රේල් 25 පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලංකාවේ කොරෝනා කාර්ය සාධක බලකාය රටෙි තවත් කිසිම කොරෝනා රෝගියෙකු නැති බවත් 100%ක් සුරක්ෂිත බවත් පැවසුවත් මැතිවරණය පැවැත්වීමට නොහැකි බව හෙතෙම අවධාරණය කරයි.
මැතිවරණ පැවැත්වීමට කවුරු අකමැති වුවද කොමිසම මැතිවරණ පැවැත්වීමට සඳහා සැදී පැහැදී සිටින බවත් ජනතාවගේ ආරක්ෂාව ඡන්ද අයිතියට වඩා වැදගත් බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මාර්තු 26 වන දිනට පසු මහ මැතිවරණය කෙතරමි කාලයක් සඳහා කල් දමන්නේද යන්න තීරණය කළ හැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.