පුස්සන් වෙනුවට කීර්තිමත් වෘත්තිකයන් පෙරමුණට කැඳවයි! සරෝජා සිරිසේන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධුරයට!

March 6, 2020 at 7:16 am | by emanisa.lk

තානාපති සේවයේ කීර්තිමත් නිලධාරිනියක ලෙස ප්‍රකට සරෝජා සිරිසේන මහා බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් ධුරයට පත් කිරීමට රජය තීරණය කළ අතර මාර්තු 02 වෙනි දින ඇය සිය රාජකාරී කටයුතු ආරම්භ කළාය.

නව මහ කොමසාරිස්වරිය රාජකාරී ආරම්භ කිරීමට පෙර බෞද්ධ ආගමික වතාවත් සහ සෙත් පිරිත් සඣ්ජානය සිදුකළේ මහ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි විසිනි.

1998 තානාපති සේවයට එකතු වූ සරෝජා සිරිසේන විදේශ කටයුතු අමාත්‍යංශයේ විවිධ තනතුරු හෙබ වූ අතර ඔස්ට්‍රියාවේ තානාපතිනිය ලෙස ද කටයුතු කළාය. මහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධුරයට පත්වන විට ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කළාය.

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලැබූ සරෝජා සිරිසේන සිය පශ්චාත් උපාධිය හැදෑරූයේ ප්‍රංශයේය.

සිය රාජකාරී ආරම්භ කරමින් මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇමතූ නව මහ කොමසාරිස්වරිය ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික අභිලාෂ සහ සමෘද්ධිය ලබා ගැනීම සඳහාත් ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍යය අතර මිත්‍රත්වය තහවුරු කර ගැනීම සඳහාත් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස