ඉස්ලාම් ෆෙටෝ ත්‍රස්තවාදීන් ලංකාවේ පාසලක් සල්ලිවලට ගනී! අන්තවාදය පාසලෙන්ම ලබා දීමේ විනාශකාරී සැලසුම මෙන්න!!

February 24, 2020 at 4:25 pm | by emanisa.lk

තුර්කියේ ක්‍රියාත්මක වන ‘ෆෙටෝ’ ත්‍රස්ත කණ්ඩායම ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලය මගින් මෙරට ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේදී අනාවරණය විය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිත්‍රස්ත අංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂා භාරතී ජයවර්ධන පසුගියදා (21 වැනිදා) එම කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අනුව ඒ බව අනාවරණය විය.

එම ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන් පනස් දෙනකු 2016 වසරේ අගෝස්තු 5 වැනිදා මෙරටට පැමිණ ඇති බවත්, එම ත්‍රස්තවාදීන්ගේ තොරතුරු විදෙස් ගමන් බලපත්‍ර අංක සමග පිටු 12 ක රහස්‍ය ලිපියකින් තුර්කියේ මෙරට තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදී ඇති බවද ඇය කොමිසම හමුවේ පැවැසුවාය.

එම රහස්‍ය ලිපිය විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබුණු බවට 2016 වර්ෂයේ අගෝස්තු 12 වැනිදා නිල මුද්‍රා තබා ඇති බවද ඇය කොමිසම හමුවේ කීවාය.

එල්ටීටීඊ ජාත්‍යන්තර ක්‍රියාකාරකම් ඇතුළු ජාත්‍යන්තර ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා 2008 වසරේ ජනවාරි 16 වැනිදා පිහිටවනු ලැබූ ප්‍රතිත්‍රස්ත අංශයට ෆෙටෝ ත්‍රස්තවාදීන් පනස් දෙනා ගැන තුර්කි තානාපති කාර්යාලය විසින් යොමු කළ ලිපිය නොලැබුණු බවද ඇය සඳහන් කළාය.

එසේ වුවද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා එම ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට 2016 වසරේ අගෝස්තු 24 වැනිදා නීතිය හා සාමය අමාත්‍යාංශයට යොමු කළ බවද ඇය පැවැසුවාය.

එම ගොනුව ප්‍රතිත්‍රස්ත ඒකකයට ලැ​බෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුව බවත්, එවකට සිටි විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක ඒ සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය හමුවකදී සඳහන් කිරීම පිළිබඳවද කොමිසමේදී හෙළිවිය.

එතෙක් ලිපි ගොනුව තිබී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ මධ්‍යම ආසියාතික රටවල්වල දේශපාලනික ක්‍රියාකාරකම් පිළිබඳ අංශයේය. නීතිය හා සාමය අමාත්‍යාංශයට ​යොමු කළ තුර්කි තානාපතිවරයාගේ ලිපියකට කුමක් සිදුවීදැයි මෙතෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සොයා බැලීමක් සිදුකර නොමැති බවද ඇය පැවැසුවාය.

මෙහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ ප්‍රතිත්‍රස්ත ඒකකයට එම ගොනුව ලැබෙන තුරු අදාළ ලිපි ගැන නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීමත්, එම තොරතුරු සම්බන්ධයෙන් එවකට විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක 2019 වර්ෂයේ අප්‍රේල් 30 වැනිදා මාධ්‍යයට කරුණු පැහැදිලි කළ දිනයේම අදාළ ලිපිගොනුව ප්‍රතිත්‍රස්ත ඒකකයට ලැබීමත් විමතියට කරුණක් බවයි.

මහේෂා භාරතී ජයවර්ධන සාක්ෂි ලබාදෙමින් පැවැසුවේ ​​ෆෙටෝ සංවිධානයට සම්බන්ධ පිරිස මෙරට ත්‍රස්ත ක්‍රියාවල යෙදෙන බව රාජ්‍ය බුද්ධි සේවය සහ මෙරට නීති ආයතනවලට දැනුම් දී තිබූ බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් එම 50 හා සම්බන්ධයෙන් තොරතුරු ලබාගත්තේ කවදාදැයි කොමිසම ඇගෙන් ප්‍රශ්න කළේය.

එම තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුව බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අදාළ තොරතුරු 2019 වසරේ අගෝස්තු 12 වැනිදා ලැබුණු බවත් ඇය කීවාය.

අදාළ පුද්ගලයන් 50 දෙනා මෙරටින් ඉවත් කරන ලෙස තුර්කිය බලපෑම් කළ බවත්, එහෙත් භෞතික සාක්ෂි නොමැති බැවින් එම 50 කගේ වීසා බලපත්‍ර අවලංගු කිරීමට නොහැකි බව ආගමන විගමන නිලධාරීන් පවසා තිබූ බවද ඇය කොමිසමේදී හෙළි කළාය.

තවමත් එම ත්‍රස්තවාදීන් 50 මෙරට රැඳී සිටින්නේදැයි කොමිසම ඇයගෙන් ප්‍රශ්න කළේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඔවුන්ගෙන් 49 දෙනකු මේ වනවිට මෙරට නැති බව ඇය කොමිසමට පැවැසුවාය.

නීතිය හා සාමය අමාත්‍යාංශයේ පොලිස් විෂය සම්බන්ධ වැඩ බලන අතිරේක ලේකම් මාලිකා ශ්‍රීමතී පීරිස් සූරියප්පෙරුමද මෙදින කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නාය.

ෆෙටෝ ත්‍රස්තවාදීන් 50 දෙනකු මෙරටට පැමිණ ඇති බවට විදේශ කටයුතු අමාත්‍යාංශය යොමු කරන ලද ලිපිය 2016 වසරේ අගෝස්තු 26 වැනිදා නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලැබී ඇති බව ලියකියවිලි පරීක්ෂාවේදී දැන ගැනීමට ලැබුණු බව ඇය කොමිසමට ප්‍රකාශ කළාය. එවකට පොලිස් විෂය භාරව කටයුතු කළේ තමන් වුවද, එම ලිපිය තමන්ට නොලැබුණ බවත්, අමාත්‍යාංශය සහ පොලිසිය සම්බන්ධීකරණය කිරීමට පත්කර සිටි පොලිස් නිලධාරියකු මගින් එම ලිපිය එවකට සිටි අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දරට යොමුකර තිබූ බවද ඇය සඳහන් කළාය.

එම කාලයේ තමා අමාත්‍යාංශයේ සේවයේ නිරතව සිටියේ පොලිස් විෂය භාර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය බවද ඇය පැවැසුවාය.

එම ලිපිය තමාගේ අංශයට යොමු නොවූ බවත්, එවැනි ලිපියක් අමාත්‍යාංශයට ලැබී ඇති බව තමා දැනගත්තේද ඒ ගැන පාස්කු කොමිසම විසින් තමාගෙන් කරුණු විමසූ විට බවද ඇය කීවාය.

එම ලිපිය සම්බන්ධයෙන් නියමිත කාර්යාල ක්‍රමවේදය අනුගමනය කළේ නම් ඒ පිළිබඳව පසු විපරමක් පවා කරන්නට තිබූ බව ඇය කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළාය.

අදාළ ලිපිය සොයා ගැනීමට වෙහෙසක් දැරූ බවත්, එහිදී අමාත්‍යාංශයේ ඇති 118 පොලිස් අංශයේ තිබූ ලිපිගොනුවක අදාළ ලිපියේ පිටපතක් තිබී හමුවූ බවද ඇය පැවැසුවාය. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් 2016 වසරේ අගෝස්තු 26 වැනිදා නීතිය හා සාමය අමාත්‍යාංශයට ලැබුණු ෆෙටෝ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් වන ලිපිය 2016 වර්ෂයේ අගෝස්තු 30 වැනිදා අදාළ පොලිස් නිලධාරියා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දරට යොමුකර ඇති බවට එම ලිපි ගොනුවේ තිබී හමුවූ ලිපිවලින් දැනගන්නට ලැබුණු බවද ඇය සඳහන් කළාය.

මෙම ලිපිය සම්බන්ධයෙන් නිරීක්ෂණ, අමාත්‍යාංශයට පොලිස්පතිවරයාගෙන් ලැබුණු බවක් අමාත්‍යාංශ ලේඛනවලින් සොයා ගැනීමට නොහැකි වූ බවද ඇය කීවාය.

ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයාගෙන් පසුගිය පෙබරවාරි 2 වැනිදා විමසීමක් කළ බවත්, ඊට පිළිතුරු ලිපියක් තමාට පොලිස් මූලස්ථානයෙන් ලැබුණු බවද ඇය කීවාය.

එම ලිපිය පාස්කු කොමිසමට පොලිස් මූලස්ථානය විසින් යොමු කළ ලිපියක පිටපතක් බවත්, එහි සඳහන්ව ඇත්තේ අමාත්‍යාංශයෙන් ලද ලිපිය පොලිස්පති කාර්යාලයට 2016 වසරේ සැප්තැම්බර් 1 වැනිදා ලැබී ඇති බවත්ය. එය 6 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයට යොමු කර ඇති බවද ඇය පැවැසුවාය.

අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස