වියතුන් දේශපාලනයට ගෙන ඒම යන්න ප්‍රායෝගික නොවන බොරු සංකල්පයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසයි.
අනුරාධපුරයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු (28) සඳහන් කළේ දැනටමත් මෙරට පරිපාලන කටයුතු සිදුකරනු ලබන්නේ වියතුන් විසින් බවය
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ, වියතුන් දේශපාලනයට එන මතය නිවැරදි කළ යුතු බවත් ජනතාව වියතුන් රාජ්‍ය පාලනය තුළ නොමැති බවට විශ්වාස කරනු ඇති බවත්ය.
මහ ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහ ගියේ පාසලේ දෙවන පන්තියට පමණක් වුවත් ඔහු අද මහා ප්‍රාඥයකු ලෙස වැජඹෙන බව ද සිහිපත් කළේය.
ඒ නිසාවෙන් මෙවැනි බොරු සංකල්පවලට හසු නොවන ලෙසත් පාර්ලිමේන්තුවට ඉංජිනේරුවෙක් පැමිණි පමණින් ඔහුට පාරවල් සැකසිය නොහැකි බවත් කියා සිටියේය.
පාරවල් හදන්නේ බලය ඇති ඉංජිනේරුවරුන් බවත් පාර හදලා දෙන්න යන ප්‍රතිපත්තිය පමණක් පාර්ලිමේන්තු ඉංජිනේරුවාට පැවසිය හැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.