ජනාධිපතිරයා බලවත් කරන ව්‍යවස්ථා සංශෝධන එපා! එමගින් රට ගෝත්‍රවාදයට තල්ලු වෙනවා! – ජවිපෙ

January 2, 2020 at 4:56 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රජපක්ෂ ඉදිරිපත් කර ඇති නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් රට ගෝත්‍රවාදය දෙසට තල්ලු කිරීමක් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජේ.ආර්. ජයවර්ධන 2 වන ජනරජ ව්‍යවස්ථාවට ඇතුළත් කළ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ ඡන්ද ප්‍රතිශතය වන 12.5% නැවත හඳුන්වා දීම විවිධ බලවේගවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සීමා කරන බව එම පක්ෂය පෙන්වා දෙයි.

එම ප්‍රතිශතය 5% දක්වා අඩු කළේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසිනි. ඒ තමන්ට ජනාධිපතිවරණයේ දී එම පක්ෂවල සහාය ලබා ගැනීම සඳහාය.

එසේම එතෙක් ජනාධිපතිවරයා සතුව පැවති 19 වෙනි සංශෝධනය ඔස්සේ ව්‍යවස්ථාදායක සභාවට පවරා ඇති බලතල නැවත 22 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාට පැවරීම ඒකාධිපතිත්වයක් කරා යෑමක් බවට ජවිපෙ අර්ථ දක්වයි.

මෙම ව්‍යවස්ථා සංශෝධන ඔස්සේ රට ගෝත්‍රවාදයක් කරා රැගෙන යන බවට ජවිපෙ චෝදනා කරයි.

අද (02) පෙරවරුවේ පැලවත්ත, බත්තරමුල්ල පිහිටි එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව සඳහන් කළේය.

කෙසේ වුවද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ බල කේන්ද්‍ර කිහිපයක් නිර්මාණය වී රාජ්‍ය පාලනය අර්බුදයක් බවට පත්ව ඇතැයි එහි සම්පාදකවරු ද දැන් පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස